''''The Eye Vision''''

''''The Eye Vision''''
...ඇසින් දැක්ම...

''''The Nature''''

''''The Nature''''
,,,,,,සොභාදහම,,,,,,,

Lord Budhdha~

Lord Budhdha~
බුදුහාමුදැරැවෝ....

Parents LoVe

Parents LoVe
ස්නේහය...

LOVË & DËATH

LOVË & DËATH
අාදරය හා මරණය

‍Gods & Heven..

‍Gods & Heven..
‍දෙවියෝ සහ දෙව්ලොව...

A book mark2

A book mark2
Maw Guna 02

Colored karapu pansalchitharyak

Colored karapu pansalchitharyak
Colored karapu pansalchitharyak

A book mark

A book mark
Maw guna01

අරුම පුදුම පන්සල් චිත්‍ර ....

අරුම පුදුම පන්සල් චිත්‍ර ....
අරුම පුදුම පන්සල් චිත්‍ර ....

The Strategy

The Strategy
ගැහැණිය.මිනිසා.සමාජය

Romance..

Romance..
ආදරය..

Feelings......

Feelings......
අනුරාගී........

Beauty & the Girl....

Beauty & the Girl....
කාන්තාව හා සොදුරැබව..

ඇස.... පින්තූරෙ ගැන..

මිනිස් අවයව වලින් ඉතාමත් සුවිශේෂී තැනක් හම්බවෙන අවයවයක් තමයි ඇස. මිනිස්සු එක එක ඇසින් ලෝකය දකිනව.මේ දැක්ම දේශපාළනික,සාමාජීය,කළාත්මක,ආගමික,
මෙකී නොකී බහුරෑ විද ආකාරයට එකම ‍ෛඑන්ද්‍රිය මූලික කරගෙන සිද්දවෙනව. ජීවවිද්‍යාත්මකව ගත්තත් ඇස කියන්නෙ අපූර්ව අවයවයක්. ලෝකයක් දකින ආකාරය විවිධ වෙන්නෙ ඇසත් සමග මනසත් එකතුවුනහම.

මේ ලොකු ලොකු කතා පැත්තක දාල මේම බලන්නකෝ.... ආදරය කරද්දී ප්‍රේම වන්තය විශේෂයෙන් ‍තම ප්‍රේම වත්තිගෙ ආදරය විග්‍රහ කරන්න විවිධ අවයව භාවිතයට ගන්නව. ප්‍රේම සාහිත්‍ය ගත්තොත්,
විවිධ අවයව කරලියට එනව. මෙයින් ඇස,තොල්,නාසය,නළල,නිකට,කේශ කලාපය,කන්පෙති,............ පටන් ගෙන සකලවිධ අවයව වලට මේක පැතිරිලායනව. ආදරේ කරද්දී බෝම කරලියට එන අවයවයක් තමයි ඇස.
තමන්ම තමන්ගෙ ඇසට කොච්චරනම් ආදරේද?. අපි කනෙක් ව රැක ගන්න භාරගන්නෙ. ඇස්දෙක වාගෙ රකිනව කියල.

මිනිස් සම්භන්ධතා ගැන සැලකීමෙදි ඇස තරම් ප්‍රධාන වගකීමක් ගන්න වෙන අවයවයක් නැති තරම්. ලෝකයේ මොනම භාෂාවක්, මාධ්‍යක් නැති වෙලාවක් ආවොත් මේ ඇස කොච්චර අපූරැ මාධ්‍යක් වේවිද?
ප්‍රේම වන්තයන්ට මේ මාධ්‍ය කොච්චරනම් උපකාර වෙනවද? සාහිත්‍යයේ ගත්තොත් වර්ණනා වෙච්ච අවයව වලින් ප්‍රධාන පෙලේ තරග වදින්න ඇස සමත්. මොකද තව තව අවයව මේ තරගෙට පොර බදින නිසා.

දන්නවද ජාතක කථා 500 ඇතුලෙ ඇස සම්බන්ධ කතා කීයක් තියේද කියල? එක කතාවක් තියේ තරැණයෙක් තෙරණියකට පෙබ් බැන්ද අහින්සක අනුවේදනීය කතාවස්තුවක්. සාරංශයක් ගත්තොත් මේමයි.

තරැණයෙක් තෙරණියකට පෙම් බැන්දේ ළු. තෙරණිය ඉතා සිල්වත්ව සිටි යා ළු. ඈ වඩින මග මේ තරැණයා අහින්සක ආලයෙන් අන්දව පෙරමග සිටියේළු. මේ සසර බන්ධනයට ඇකමැති තෙරණිය මින් බේරෙන්ට සිතුවා ළු.
දිනක් තෙරණිය තරැණයා මුන ගැසුනේළු. තරැණයා ප්‍රීතියෙන් ඉපිලි යේ ළු. නුඔ මා කෙරේ කිමදැයි තෙරණිය විමසියේ ළු. මා නුඔට ආ‍ලයෙන් අන්ධ වී සිටිමි තෙරණිය. මා නුබගේ දෑසට ලෝකයක් තරම් පෙම් කරමියි තරැණයා කිවේ ළු.
තෙරණිය නික්මියා ළු. සිල්වත් කමේ මහිමය පෙන්වන කථාන්දර කරැවා. තෙරණියගේ ඇස ඈ විසින්ම උදුරා තරැණයාට තෑගි කලායි පවසයි. මේ සානුකම්පිත රක්‍රයාව හමුවේ අසරණ බවේ ආත්ම හින්සනයට ඇද වැටුණු තරැණයා
සියළු බන්ධනයන් මුදා තෙරණියට උවටැනින් ජීවිතය ධර්මයට කැලකලේයැයි කථාන්දරය නිමවේ. විරිදු සාහිත්‍ය අමාරැවෙන් රැකගන්නට පවුල් පිටින් කැපවූ සුප්‍රසිද්ධ විරිදු කරැවකුගේ හඩින් කැසට් පටයක ද මේ කතාව ඇත.

ආදරය ඇසත් එක්ක තොච්චර බැදිල තියෙනවද කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ ගැන මේමත් හිතන්න පුළුවන්. ආදරයේදී කාන්තා නියෝජනය ප්‍රභල චරිතයක් උසුලනවා. ප්‍රේමය තම මල්ලවයාට ප්‍රදර්ශනයකිරීමේ
සක්‍යතාව ඒ ආදරය සමාජ සම්මතයේ ප්‍රභල එකක් යන්න තහවුරැ කරන්න සාදකයක් වෙලා තියෙනව. සුන්දරත්වය කාන්තා පාර්ශවය සමග කරලියේ පොරබදින එකම කාසියක දෙපැත්තක් නිසි. ඇස කාන්තාවක ගේ සුන්දරත්වය තීව්ර කරන්න
ඉතා වැදගත් සාධකයක්. මේ නිසාම ඇසට ඇසක් හමුවී පෙන්වන අගර දගර නේක රැගුම් මනස උඩු යටිකුරු පෙරළියක් කීරීමට සමත් වෙනව. කාන්තාවගේ පේම ජවනිකාවේ ප්‍රභල චරිත නිරෑපණයත් එක්කම ඇගේ රෑ සපුව වැදගත් සාධකයක්,
ඉතින් මේ වැදගත් සාධකය ප්‍රේම කතාන්දරය තුල ප්‍රධාන චරිතයක් රග දක්වනවා. ඒ තර්කෙ පොඩ්ඩක් පැත්තක දාල මම ප්‍රශ්ණයක් අහන්නම්. ඔයාට පුළුවන්ද කෙනෙක් ගෙ ඇස් දෙක දිහා එක එල්ලෙ බලාගෙන කිසිම හැගීමක් පළනොකර ඉන්න?
අමාරැයි නේද? ඇස කියන්නෙ අපේ හිතේ භාශා මාධ්‍යය. අපේ හිත්, සිතුවිලි ඇස කියන මාධ්‍යයෙන් සමාජගත වෙනව. කෙනෙක්ට පුළුවනි තමාගෙ උඩු හිත කපටි විදිහට යටිහිතව යටපත් කරගෙන සමාජයට බොරැ අදහසක් පෙන්න්න. හැබැයි එතනදි
ඇස කියන මාධ්‍යත් ඒ බොරැවට සම්බන්ධ කරගන්න පුළුවන් එහෙමත් කෘර කපටියකුට පමණයි. සමහරැන්ට පුළුවන් කෙනෙක්ගෙ ඇස් දෙක දිහා බලාගෙන කාතා කරන්න.සම හරැ සහජයෙන්ම කතාබහකදි ඇස මගහරිනව. ඒක වැදගත් කරැණක්.

අදහසක් කෙනෙක්ට කියනකොට ඇස්දෙකට එබීගෙන කියන්ට උත්සාහ කරල බලන්න. පුදුම සුන්දර අත් දැකීමක් වේවි.

ඔතින් ඔන්න අදම ඔයාගෙ පෙම්වතිය හරි පෙම්වතා හරි මුන ගැහිල මේ කියපු එක අත්හදා බලන්න. පුදුම සුන්දර හැගීමක් ඒවී.අන්න ඒ වෙලාවෙ, අපි කොච්චර සුන්දර ආදරයකද ඉන්නෙ කියල හිතුනොත් මට කමෙන්ට් එකක් දාන්න. හැබැයි
ඉතින් ඒම කරන්න ගිහින් එයා බොරැවක් කරනව කියල තේරියා ලව් එක කඩාගෙන අවිත් මට බැනල කමෙන්ට් කරන්න එපා ඉතින් මම පව්නෙ........

විස්තරේ මෙන්න චිත්‍රේ ගැන....

පන්සල් චිත්‍ර සමහර වෙලාවට අපිව මවිත කරන සුළු වෙනවා. ඒ වගේ පන්සල් චිත්‍ර දැක්කම මම කට හරි කියල චායාරුප ගතකරගෙන එනවා. මේ තියෙන චිත්‍රෙ ඒ වගේ මාතර වෙහෙරහේන පන්සලෙන් ගෙනාපු එකක්. මේ චිත්‍රෙ මාතර වෙහෙරහේනේ ඉස්සරහම තියෙන එකක්. මේක දැන් අව්වට පිච්චිලා වැස්සට තෙමිලා බොහොම පාට පිච්චිලා තියෙන්නේ.හබි මේ චිත්‍රෙ දකිනකොටම යර්ස් ලස්සනක් තිබුන . මම මගේ යාලුවෙක්ගෙ පොන් එකකින් ඒක චායාරුප ගතකරන් අව.නිකන් ඉන්න වෙලාවක නිකමට වගේ මේක colored කරලා බලන්න හිතුන.මේ තියෙන්නේ එහෙම කරපු පිස්සු වැඩක්.

මව් ගූණ book marks ගැන......

මේ බොහොම කාලෙකට කලින් මගේ අතින් නිර්මාණය වෙච්ච bookmarks templates 2k තව ටිකක් තිබ්බා ඒව දැන් මාලග නෑ.මේ වැඩේ පසුබිම් කථාව මෙහෙමයි. දවසක් මම මගේ යාළුවෙකුගෙ ගෙදර යනකොට ඒ ගෙදරට තවත් යාළුවො සෙට් 1ක්ම ඇවිත් හිටිය.අපේම වයස අපිත් එක්ක පන්ති ගියිපු සෙට් එකක්.හැබැයි මාත් එක්ක වැඩිට friendship එකක් තිබුනෙ නෑ.ඒදා මේ අය ඇවිත් තියෙන්නෙ මම ගිය යාළුවගෙ ගෙදර පරිඝණකයෙන් Bookmarks ටිකක් හදාගන්න.මොකද එතන හිටපු ළමයෙක්ගෙ අම්මට පිළිකාවක් වැළදිලා.මේ කොල්ලයි අනිත් සෙට් එකයි කරන්න හදන්නෙ මේ අම්මට වියදම් වන මුදල book marks වලින් සොයන්න.ඉතින් මට පුළුවන් උදව්ව මම කලා මේ ඒකට හදපු Bookmarks templates 2ක්.

පන්සල් චිත්‍ර ....

පන්සල් චිත්‍ර කොහොමත් අඩි ආගමික පසුබිමක නිර්මාණය වූ ඒවා නෙව.මම වැඩියෙන්ම පන්සල් ගිහින් නැ. ඉදල හිටලා ගිහිපු ගමන් වලදී පන්සල් චිත්‍ර පොඩ්ඩක් ලං වෙලා බලනවා.ඉමහර ඒවා ඉතාමත් තාත්වික ස්වරුපයක් ගන්නවා.මම ඒවා දැකල යාලුවෙක්ගෙ ෆොනේ 1කින් හරි cam 1 කින් හරි ගනිපු චිත්‍ර ටිකක් එකතුකරලා හදපු 1ක් තමයි ඔය තියෙන්නේ.1 කේ සගමිත් තෙරණි ආගමනය හැර අකෙක්ව අපිම ගනිපු ඒවා.
මාතර වෙහෙර හේන,අම්බලන්ගොඩ මහ පන්සල,කැළණි වගේ පන්සල් චිත්‍ර මෙතන ඇති. වැඩි පුර ඇත්තේ මාතර වෙහෙර හේනචිත්‍ර .

පන්සල් චිත්‍ර වල ඉන්න චරිත ඒ මිහුණු ඒ ආකාරයෙන් අවේ ඇයි ? කියන 1 මට පොඩි කලේ ඉදන් තිබුන ප්‍රශ්නයක්! හැම යකාම 1 ආකාරයක් ගත්තේ?, උගේ රූපේ මුලින්ම දැක්කේ කව්ද? ඔය වගේ ප්‍රශ්න පොඩිලමයෙක් අහන ප්‍රශ්නනේ. ඒ වුනාට එතන ලොකු සංසිද්දියක් තියෙනවා. මොන සිත්තරාගේ හිතේද මුලින්ම මුගලන් හමුදුරුවොන්ගේ රූපේ ඇදුනේ? ඇයි මුගලන් සැරියුත් පිළිම දෙකම හැඩයෙන් 1 ස්වරුපයක් ගන්නේ?. ජන වහරෙන් ආගමික ලිපි ලේකන වලින් විස්තර කෙරෙන් ආකාරයට මිනිස්සුන්ගේ සිත් සතන් වල ඒ නොදැකපු දේවල් වල චිත්ත රුප මැවෙනවා.මේ රුප මේ තරම් තාත්වික වෙන විදියට සිතට වදින්න මේ ජනප්‍රවාද නිර්මාණය කරපු අයගේ දස්කම අගේ කරන්නවටිනවා.

Stratagy..........පින්තුරේ ගැන විග්‍රහයක් .....

කාන්තාව හා පුරැෂය යනු ලෝකය ආරම්බයේ සිටම ප්‍රතමිකවම වෙනසක් සෙල විද්‍යා මන වී ඇත . ජීව විද්‍යාත්මකව වෙනස් වූ මේ සතුන් දෙදෙනා මගින් වෑහෙන සිතුවිති දරවන් ද සමාජීය විෂයෙහි විශේෂයක් උසුලයි . කෙතරම් තර්ක විතර්ක තිබුන ද , සමාජය හමුවේ පුරුෂයා හා ස්ත්‍රිය ගේ දායකත්වය සම මට්ටමේ නොතිබුනු බව මානව පැහැදිලි වනු ඇත. මා දකින ආකාරයට මේ පවතින්නේ මිනිසා නිමවූ ලෝකයකි නැතහොත් මිනිසා උදෙසා නිමවූ ලෝකයක් මිස කාන්තාව සදහා නොවේ.කල ලොවේ චිත්‍ර කලාව දෙස බැල්කන කල . චිත්‍ර කලාව විෂයෙහි බොහෝ බදුන් වී ඇත්තේ කාන්තාව මිස පුරුෂයා නොවේ.කාන්තාව සුන්දරත්වයේ සංකේතයි. මේ මගේ පැනයට සුලබව ලැබෙන පිලිතුඅරයි .මෙහි සත්‍යක් නැතුවම නොවේ. නමුදු කලාව හුදෙක් ඕපපාතිකයක් නොවේ.කලාවේ
විකාශනයට, ආර්ථික සමාජීය බලපෑම ඉරණමක් වුවා යැයි කිවහැක. මේකී කරුණු හමුවේ බලන කල චිත්‍ර කලාවේ කාන්තා නියෝජනය මේකී කලාවේ නිර්මාණ හස්තයේ උවමනාව සපුරලිමකි.නැතහොත් මිනිසාගේ මනදොල සපුරන ස්ත්‍රීත්වය චිත්‍ර කලාවේ අදිපත්‍ය පතුරා ඇතැයි කිව නොහැකිද?
ග්‍රීක යුගයේ හැර අනෙක් සෑම යුගයක් පාසාම ඉහත කාරණය සනාථ වී ඇතැයි කිවනොහකිද?
මෙලෙස බලන කල චිත්‍ර කලා ලොවේ ස්ත්‍රිය මිනිසාගේ කරමතින් දේවත්වයට ලගා වුවා ! යි මට සිතේ.
මිනිසාගේ බලකාමයත් රණකාමයත්,මතින් උමුතු වූ මනස සතපන්නට චිත්‍ර කලාව ගණිකාවක් වූ අවස්ථා බොහොමයකි. සිත්තරාගේ සිතුවිල්ල තීන්ත සමග බොදවී කැන්වසයක් මත සිතුවමක් මැවීමේදී, සිත්තරාගේ මනස සෙවු දේ සිතුවම් වී ඇත්තේ, ඔහුගේ හෝ ඔහුව මෙහෙයවන උවමනාවෙ ස්වබාවය පෙන්වමින් නොවේද?